Tag: ශිෂ්‍යත්ව

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ ගියේ සිසුන් දක්ෂ නිසා / අධ්‍යාපන ලේකම්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ ගියේ සිසුන් දක්ෂ නිසා / අධ්‍යාපන ලේකම්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ යාමට හේතුව සිසුන් වැඩි දක්ෂතා දැක්වීම බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ 2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි. "මේ පිළිබඳව තිබෙන සත්‍යම තත්ත්වය තමයි ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දරුවන් ලබාගත්තු ලකුණු ඉහළ ගිහින් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පවත්වන සියලුම කතා නිවැරැදි නෑ. ඒවායේ සාවද්‍ය කරුණු තියෙනවා. ඒ වගේම 2017, 2018, 2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කරපු ශිෂ්‍ය සංඛ්‍යාවත්, පාසල්වල තිබෙන පන්ති සංඛ්‍යාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ඒකෙන් ඔබ සියලුදෙනාටම සත්‍ය පැහැදිළි වෙයි."...
ශිෂ්‍යත්ව ප්‍රතිඵළ මත පාසල්වලට සිසුන් ගැනීම නියෝගවලට පටහැනිව / ගුරු සංගමයෙන් චෝදනා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ මත පාසල්වලට සිසුන් ගැනීම නියෝගවලට පටහැනිව / ගුරු සංගමයෙන් චෝදනා

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵළ අනුව නිකුත් කඩඉම් ලකණු මත පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීම මසකින් කල් දමා තිබුණද , ඇතැම් විදුහල්පතිවරුන් පාසල්වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ කටයුතු සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් සංගමය පෙන්වා දෙන්නේ පෙබරවාරි 2වනදා එම සිසුන් පාසල් වෙත ඇතුලත් කරගන්නා බව දන්වමින් මේ වන විටත් ලිපි යොමුකර ඇති බවයි. ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. ලේකම්තුමනි, 5 ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු පහත හෙලීමට අදාළව සිසුන් ඇතුලත් කර ගැනීම මසකින් කල් දැමීමට ගත් තීරණය සම්බන්ධවයි. 2020, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු මෙවර අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් පීඩාවට පත් දෙමව්පියන් හා එක්ව පෙබරවාරි 01 දින පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය හා ලංකා ගුරු සේවා සංගමය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද උද්ඝෝෂණ...
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ගැනීම මසකින් කල් දමයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ගැනීම මසකින් කල් දමයි

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන්ඉ දිරියේ දී කටයුතු කරන බවයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අද විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණා. ගුරු සංගම් ද පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ දැමීමෙන් සිසුන් අසාධාරණයට ලක්ව ඇති බවයි....
ශිෂ්‍යත්ව ප්‍රතිඵළ මත සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ  වෙනසක් නෑ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ මත සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් නෑ

5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේකිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිලපෙරේරා මහතා පැවසී ය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ 2021/01/22 වැනි දින අමාත්‍යංශයේපැවති සාකච්ඡාවකට එක් වෙමිනි.පසුගියදිනවල දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණවල පවා නියුතු වූ බවත් ඒපිළිබඳ රජය අවධානය යොමු කර තිබෙන බව ත් සිසු දරු දැරියන්ට කිසිදු අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව ද ඔහු පැවසී ය. ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරු දැරියන් වැඩි ලකුණුප්‍රමාණයක් ලබා ගත්ත ද 2017 සිට 2021  දක්වා වසර 05ක් තුළපාසල්වලට සිසුන් බඳවා ගැනීමේ ප්‍රමාණය කිසිසේත් ම වෙනස් නොකළ බව ද වැඩිදුරටත්පැවසී ය. එමෙන්ම කිසිදු ආකාරයකින් පාසල්වල පන්ති ප්‍රමාණය හෝ පන්තියකට ඇතුළත් කරගන්නා සිස...