Tag: ශීත සෘතු ඔලිම්පික් උළෙල

ශීත සෘතු ඔලිම්පික් උළෙල චීනයට අහිමි කරන්නැයි ඉල්ලීමක්
ලෝකය වටා

ශීත සෘතු ඔලිම්පික් උළෙල චීනයට අහිමි කරන්නැයි ඉල්ලීමක්

2022 වසරේ චීනයේ පැවැත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙල එරටින් වෙනත් රටක් වෙත යොමුකිරීමට පියවර ගන්නැයි තවත් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා. කැනඩාවේ , කන්සර්වේටිව් පක්ෂ නායක එරින් ඕ ටූර්ලේ කැනේඩියානු අගමැතිවරයා වෙත විශේෂ ඉල්ලීමක් ලෙසයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ. චීනයේ මානව හිමිකම් තත්ත්වය පිළිබද විරෝධය පළ කිරීමක් ලෙස තරගාවලිය එරටින් ඉවත් කළ යුතු බවයි ඔහු සිය ඉල්ලීමෙන් පවසන්නේ. උයිගර් ජන කොටස් සම්බන්ධ ගැටලු මුල් කර ගනිමින් චීනයට මෙම විරෝධය පළවී තිබුණා. කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන චීනය පවසන්නේ අදාළ තරගාවලියේ සැලසුම් ඉදිරියට ගෙන යන බවයි....