සංචරණ සීමා

  • Home
  • උත්සව සමයේ සංචරණ සීමා නෑ

උත්සව සමයේ සංචරණ සීමා නෑ

එළඹෙන උත්සව සමයේ දී සංචරණ සීමා පැනවීමකින් තොර ව උපාය මාර්ගික ව තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. එසේම ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින්…

රට වසා දැමීමට සිදුවුවහොත් ජනතාව වගකීම භාර ගත යුතුයි / උපුල් රෝහණ

එළැඹෙන උත්සව සමයේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වගකීම් විරහිතව සමාජය තුළ හැසිරෙන මහජනතාව විසින් බාර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…

තවත් කොරෝනා රැල්ලක් ගැන වෛද්‍ය සංගමය අනතුරු අඟවයි

සංචරණ සීමා ඉවත්‌ කිරීම ආදී තත්ත්වයන්‌ යටතේ තවත්‌ කොවිඩ් 19 රැල්ලක්‌ ඉතා ආසන්න කාලයක දී මෙරට තුළ ඇති වීමේ දැඩි අවදානමක්‌ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම අවදානම…

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මකවීම කල් යයි

පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ කාලය දීර්ඝ වීමෙන් පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව, ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, මගී ජනතාව…

පළාත් සංචරණ සීමා 21 වනදා දක්වා දැඩි කිරීමට ජනපතිගෙන් නියෝග

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති…

සීමාවන්ට යටත්ව ඔක්තෝබර් 1 රට විවෘත කරයි

සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන්…

සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන්න

තවදුරටත් දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, එසේ නොවුණහොත් රට…

සංචරණ සීමා සැප්තැම්බර් 6 වනදා තෙක් දීර්ඝ කරයි

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා දීර්ඝ කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළා.

සංචරණ සීමා කරන්න / GMOA රජයෙන් ඉල්ලයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය සාධක බළකාය…

පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව

දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව ක්‍රියාකිරීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ…

පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීමේ තීරණයක් නෑ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එසේ වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ…

ඩෙල්ටා අවදානම උග්‍ර අතට / විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

සංචරණ සීමා ලිහිල් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව යළි සලකා බැලිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට…

සංචරණ සීමා තවත් ලිහිල් කරයි / ගෘහස්ත සංගීත සංදර්ශනවලටත් අවසර

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබේ. ඒ අනුව ශාලාවන් තුළ…

සීමා ලිහිල් වෙයි / මංගල උත්සවයකට 150කට අවසර / පූජනීය ස්ථින විවෘතයි/ පළාත් අතර සංචරණය තවදුරටත් තහනම්

දැනට පවතින සංචරණ සීමාවන් අද(10) සිට ක්‍රියාත්මකවන පරිදි තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරිම් තවදුරටත් දින 14ක් සඳහා නොවෙනස්ව පවතින…

තවදුරටත් වගකීමෙන් කටයුතු කරන්න / ජනතාවට ඉල්ලීමක්

සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුවූයේ ජනතාවට ජීවනෝපාය රැකගැනීමට අවශ්‍ය නිසා බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි. විශේෂඥ වෛද්‍යවරිය මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ‌යේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද (05)…

අන්තර් පළාත් සංචරණ සීමා ජූලි 19 තෙක්

ඒ අනුව, අන්තර් පළාත් සංචරණ සීමා කිරීම් ජුලි 05 සිට තවදැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන…

පළාත් අතර සංචරණ සීමා කැඩූ බස් රථයකින් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ධාවනය කළ බස් රථ 3ක් කරදියනාරු ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර ඉන් එක් බස් රථයක රැදී සිටි 3 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා.…

සංචරණ සීමා නැතත් පළාත් අතර යාම තවදුරටත් තහනම්

සංචරණ සීමා අද අලුයම 4 න් ඉවත් වුවද පළාත් අතර සංචරණ තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. නිරෝධායන නීති කඩකරන අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද සිදුකෙරෙන බවයි පොලීසිය අවධාරණය කරන්නේ.

අද රාත්‍රියේ සිට යළිත් සංචරණ සීමා

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී  10.00 සිට යළි දිවයින පුරා ක්‍රියාත්මක වනවා. එය 25 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.…

සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලය තුළ මගී ප්‍රවාහනය

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අනිද්දා අලුයම 4 ට ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේ වුවද පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වනවා. මෙසේ ලිහිල් කෙරෙන සංචරණ සීමා ලබන 23 වනදා…