Tag: සමගි ජන බලවේගය

පළාත් සභා ජන්දයේදී එජාපය හා සමගි ජන බලවේගය එක්වීමේ සූදානමක් ?
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

පළාත් සභා ජන්දයේදී එජාපය හා සමගි ජන බලවේගය එක්වීමේ සූදානමක් ?

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරඟ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා. එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ චෝදනා රහිත එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග පමණක් මෙසේ එක්වී කටයුතු කිරීමට සූදානම් බවයි. සමගි ජන බලවේගයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් කියා සිටියේ සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු ගැටළුවක් නොමැති බවයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතීක පක්ෂය පිළිද මහජනතාවගේ දැක්ම ප්‍රකාශ වූ බවද ලේකම්වරයා කියා සිටියා. මේ අතර පලාත් සභා ජන්දයේදී පක්ෂය නියෝජනය කිරීම සඳහා අපේක්ෂකයින් සඳහා අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව සඳහන් කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මැතිවරණය ප්‍රමාද කිරීමෙන් වළකින ලෙසත් හැකි ඉක්මනින්...
එජාපය හා සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමට සාකච්ජා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

එජාපය හා සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමට සාකච්ජා

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් මූලික අධියරේ සාකච්ජා මේ වන විට ආරම්භ වී තිබෙනවා. සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ජා පැවැත්වූ බවයි. එහිදී වික්‍රමසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් සුබවාදී අදහසක් පල කළ බවයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ. ඒ අනුව එක්ව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඉදිරියේ දී සාකච්ජා පැවැත්වීමට නියමිතයි. මේ සදහා රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් උචිතම පුද්ගලයා ලෙසයි හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. ඒ අනුව වත්මන් රජයට එරෙහිව ක්‍රියාත්මකවීම සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ එක් අධියරක් ලෙසයි මෙම සාකච්ජා ක්‍රියාත්මක වන්නේ.  ...
නැගෙනහිර ජැටිය විදේශ සමාගම්වලට දීමට විරුද්ධයි /ජේ සී අලවතුවල
මතවාද, වැඩියෙන් නැරඹූ

නැගෙනහිර ජැටිය විදේශ සමාගම්වලට දීමට විරුද්ධයි /ජේ සී අලවතුවල

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නව නියෝජ්‍ය ජාතික සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසයි. නව නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත්වීමෙන් පසුව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි පක්ෂයේ ග්‍රාමිය කමිටු ස්ථාපනය කිරීම ආරම්භ කර ඇති බවයි. පළමු වරට මහ මැතිවරණයට තරග කරමින් සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 54ක් ලබා ගනිමින් ලද ජයග්‍රහණය ඉදිරියට ගෙන යමින් ශක්තිමක් විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරමින් සිටින බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ. කොළඹ වරයේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා අදහස් දැක්විය. නැගෙනහිර ජැටිය විදේශීය සමාගම් වෙත පැවරිමට සමගි ජන බලවේගය විරුද්ධ බවත් ඊට එරෙහිව වෘත්තිය සමිති ගෙන යන වැඩපිළිවෙලට පුර්ණ සහය ලබා දෙන බවත් ජේ සී අලවතුවල මහතා සදහන් කළේය. සමගි ජන බලවේගය ගම් මට්ටමින් ශක්තිමත් කිරීම තම...
සමගි ජන බලවේගයේ සභාපති පුටුව සරත් ෆොන්සේකාට/පාඨලීත් සාමාජිකත්වය ගනී
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සමගි ජන බලවේගයේ සභාපති පුටුව සරත් ෆොන්සේකාට/පාඨලීත් සාමාජිකත්වය ගනී

සමගි ජන බලවේගයේ 2021 වසර සඳහා නව නිලධාරීන් පත් කර තිබෙනවා. ඒ අනුව පක්ෂ සභාපති ධූරය හිමිව ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටයි.මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. 2021 සඳහා සමගි ජන බලවේගයේ නිලධරයන්ගේ ලැයිස්තුව: නායක: සජිත් ප්‍රේමදාස ප්‍රධාන ලේකම්: රංජිත් මද්දුම බණ්ඩාර සභාපති: සරත් ෆොන්සේකා භාණ්ඩාගාරික: ආචාර්ය හර්ෂ ද සිල්වා ජාතික සංවිධායක: තිස්ස අත්තනායක ජ්‍යෙෂ්ට උප සභාපති: රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, බාකීර් මාකර්, රවී සමරවීර උප සභාපති: හරින් ප්‍රනාන්දු, තලතා අතුකෝරල, ගයන්ත කරුණාතිලක,, පී. හැරිසන්, සුජීව සේනසිංහ, චන්ද්‍රානි බන්ඩාර, දිලිප් වෙදආරච්චි, ඒඑච්එම් හලීම් මෙහෙයුම් ප්‍රධානී: හරින් ප්‍රනාන්දු ප්‍රධාන විධායක: අජිත් පී පෙරේරා නියෝජ්‍ය මහ ලේකම්වරු: ​​නලින් බන්ඩාර, අශෝක අබේසිංහ, රෝහි...