Tag: සම්බාධක

ලංකාවට සම්බාධක දාන්න හැදුවොත් රුසියාවෙන් චීනයෙන් නිෂේධ බලය / ඇමති ගොඩහේවා කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට සම්බාධක දාන්න හැදුවොත් රුසියාවෙන් චීනයෙන් නිෂේධ බලය / ඇමති ගොඩහේවා කියයි

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙරටට සම්බාධක දැමීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද එය කිසිදා ක්‍රියාත්මක නොවන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එවන් යෝජනාවක් මතුවුවද එය ජගත් ආරක්ෂක මණ්ඩලය හමුවේ අනුමත විය යුතු බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ මිත්‍ර බලවත් රටවල් වන රුසියාව හා චීනය නිෂේධ බලය භාවිත කරමින් එම සම්බාධක චෝදනා පරාජය කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වන අතර ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිචාරය අනිද්දා ඉදිරිපත් කිරීමට ද නියමිත වනවා. එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධ...
ලංකාවට කඩා පාත්වෙන ජිනීවා මරාලය / මූලික වාර්තාව හෙළිකරයි
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවට කඩා පාත්වෙන ජිනීවා මරාලය / මූලික වාර්තාව හෙළිකරයි

එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කළ හැකි අතරම, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ලැබූ නිලධාරීන්ට එරෙහිව ඉලක්කගත සම්බාධක පැනවිය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් පවසනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම ලෙස නම් කරමින් ඊයේ නිකුත්වූ වාර්තාවෙන් මේ බව පෙන්වා දී තිබෙනවා. පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ දී මෙම වාර්තාව සාකච්ජාවට ලක් කිරීමට නියමිතයි. මෙම මූලික වාර්තාව නිකුත් කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ චෝදනා ලැබූ සියලුම පාර්ශවයන්ට බාහිර අධිකරණ හෝ ජාත්‍යන්තර අධිකරණ බලය පිළිබඳ පිළිගත් මූලධර්ම අනුව පියවර ගත හැකි බවයි. වාර්තාවේ නිගමන මගින් මහ කොමසාරිස්වරයා පවසන්...