Tag: සයිබීරියාව

සයිබීරියාවෙන් මතුවන අබිරහස් ආවාටවල රහස හෙළිවෙයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

සයිබීරියාවෙන් මතුවන අබිරහස් ආවාටවල රහස හෙළිවෙයි

පසුගිය වසරේ සයිබීරියානු කලාපයේ මතුවූ අබිරහස් ආවාට පිළිබද තොරතුරු අනාවරණ කර ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිඛෙනවා. ඒ අනුව පොලව අභ්‍යන්තරයේ වසර දහස් ගණනක් රැස්ව තිබූ මීතේන් වායුව හා ගෑස්  පීඩනයක් සහිතව පිටතට මුදා හැරීම මෙම ආවාට නිර්මාණයට බලපා ඇති බවයි රුසියානු විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණ මගින් හෙළිව ඇත්තේ. පසුගිය සමයේ ස්ථාන 17කින් මෙම දැවැන්ත ආවාට මතුවී තිබුණා. අවසන් වරට මතුවූ ආවාටය නිරීක්ෂණය කළ විද්‍යාඥයන් පවසන්නේ මෙම සංසිද්ධිය පිළිබද පැවති සැකය එමගින් දුරුවූ බවයි. ඒ අනුව මීතේන් වායුව පිරී තිබූ ස්ථාන ලෙසයි මෙම ආවාට හදුනාගෙන ඇත්තේ. ඒවා පුපුරායාමට පෙර ඊට ඉහලින් පොළව ඉහළට එසවීමක් හදුනාගත හැකි බව ද ඔවුන් පවසනවා. කෙසේ වෙතත් මෙම සංසිද්ධිය ගෝලීය උණුසුම වර්ධනයවීමේ අහිතකර තත්ත්වයක් ලෙස හදුනාගෙන තිඛෙනවා. ඒ අනුව පොලව අභ්‍යන්තරයේ අහිතකර වායූන් පිටතට පැමිණීම ලෝකයේ ආපදා තත්ත්වයන් වර්ධනයවීමට බ...