සහරාන්ගේ ත්රස්ත පුහුණුව ලැබූ තරුණියන් 10ක් අත්අඩංගුවේ / 5ක් මිය ගිහින්
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම් විසින් පවත්වන ලද අන්තවාදී පුහුණුව සඳහා සහභාගී වූ කාන්තාවන් 10 දෙනකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව පොලිසිය පවසනවා.
කාන්තාවන් 15 දෙනකු මෙම පුහුණුව ලබා ඇතැයි හෙළිව ඇති අතර ඉන් 5 දෙනකු මරණයට පත්ව තිබුණා.
මෙම අන්තවාදය පිළිබඳ පුහුණුවට සහභාගී වූ 24 හැවිරිදි මොහොමඩ් ඉබ්රාහිම් සයිඩා නැමැත්තිය ත්රස්ත විමර්ශන අංශය විසින් සිකුරාදා මාවනැල්ලේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
සහරන් විසින් 2018 වසරේ දෙසැම්බර් මාසයේ, කත්තන්කුඩි ප්රදේශයේදී මෙම පුහුණුව පවත්වා ඇති බවයි හෙළිව ඇත්තේ.
පාස්කු ඉරිදා ප්රහාරයෙන් දින 5 කට පසුව සැකකාරියගෙන් ත්රස්ත විමර්ෂණ අංශය ප්රශ්නකර තිබුණද ඇය මේ පිළිබද තොරතුරු සඟවා තිබූ බවද හෙළිව තිබෙනවා.
මෙම පුහුණුව ලැබූ සැකකාරියන් 10 දෙනාගෙන් 3 දෙනකු රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඉතිරි 7 දෙනා ත්රස්ත විමර්ෂණ අංශය භාරයේ පසුවනවා.
අන්තවාදය...