Tag: සාමාන්‍ය පෙළ

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් /අධ්‍යාපන ඇමති – Audio
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් /අධ්‍යාපන ඇමති – Audio

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් , සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල් පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද වෙන්කර ඇති බවයි.  
හෙට O/L විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හෙට O/L විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක්

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (26) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව පවතී. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් මෙම විශේෂ සේවාව පවත්වනු ලබන බවද දැනුම්දෙයි. එම නිවේදනය පහතින්.
ජුනි මාසයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙනවා – අධ්‍යාපන ඇමති
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජුනි මාසයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දෙනවා – අධ්‍යාපන ඇමති

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මාසය වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජුලි මාසය වන විට එම දරුවන්ගේ උසස් පෙළ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. කොරෝනා ආසාදනය වු විභාග අපේක්ෂකයින් සදහා සෑම දිසත්‍රික්කයකම විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇති බව ද ඔහු සදහන් කළා. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස පළමු වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය....
O/L විභාග ප්‍රවේශපත්‍රවල ගැටලු සංශෝධනයට අවස්ථාව
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

O/L විභාග ප්‍රවේශපත්‍රවල ගැටලු සංශෝධනයට අවස්ථාව

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ගේ විභග ප්‍රවේශ පත්‍රවල පවතින ගැටලු සංශෝධනය කර ගැනීමට අවස්ථාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රවේශ පත්‍රවල පවතින ගැටලු සංශෝධනය කරගත හැකි බවයි. විභාග අපේක්ෂකයෙකුගේ ප්‍රවේශ පත්‍රයේ නම විෂය හෝ මාධ්‍ය සංශෝධනය කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණිම අනවශ්‍ය බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා. එම සංශෝධන සිදුකිරීමට විදුල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ට අදාළ සංශෝධන පුද්ගලිකව සිදුකර ගැනීමට අවස්ථාව ලබා දී තිඛෙනවා. කෙසේවෙතත් එලෙස සිදුකරනු ලබන සංශෝධනවල පිටපතක් විභාගය පැවැත්වෙන දිනයේදී විභාග ප්‍රවේශ පත්‍රය සමග අමුනා ශාලාධිපතිවරයාට භාර දිය යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළ...
සාමාන්‍ය පෙළ විභාගයට පෙර සිසුන්ට නිවාඩුවක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සාමාන්‍ය පෙළ විභාගයට පෙර සිසුන්ට නිවාඩුවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ()/L) විභාගයට පෙනී සිටින සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිඛෙනවා. අමාත්‍යාංශය පැවසුවේ පෙබරවාරි 17 වැනිදා සිට 25 වැනිදා දක්වා එම නිවාඩුව හිමිවන බවයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ,මාර්තු 01 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙම අධ්‍යයන නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සියලු පළාත්, කලාප,කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි. එමෙන්ම විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු ලබාදීම බාධාවක් කර නොගත යුතු බව ද ලේකම්වරයා වැඩිදුරටත් දන්වා තිඛෙනවා....
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞන්දර්යාත්මක ප්‍රායෝගික විභාග පැවැත්වීමට අදාළව වෙනත් විකල්ප පියවර ගන්නා බවයි විභාග කොමසාරිස්වරයා පැවසුවේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාසල් පාදක ඇගයීම් මත පදනම්ව ප්‍රායෝගික විභාග සඳහා ලකුණු ලබා දීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව පාසල් මගින් සිසුන් 10 ශ්‍රේණියේ එම ඇගයීම්වල අවස්ථා තුනක ලකුණු හා සහ 11 ශ්‍රේණියේ ඇගයීම්වල අවස්ථා දෙකක දී ලබාගත් ලකුණු විභාග දෙපාර්තමේන්තුවට යැවිය යුතුයි. මෙම ක්‍රමයට අදාළ චක්‍රලේඛ දැනටමත් සියලුම පාසල් විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමුකර තිබෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 සිට 11 දක්වා පැවැත්වීමට නියමිතයි....