Tag: සිංගප්පූරුව

කොරෝනාවෙන් ලෝකය මිදෙන්න වසර 5ක් ගතවේවි / සිංගප්පූරුව කියයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

කොරෝනාවෙන් ලෝකය මිදෙන්න වසර 5ක් ගතවේවි / සිංගප්පූරුව කියයි

කොරෝනා වසංගතයෙන් ලෝකයට එල්ලවන බලපෑම තුරන්වී ලෝකය යථා තත්ත්වයට පත්වීම සඳහා අවම වශයෙන් 2024 හෝ 2025 දක්වා කාලය ගත වන බව සිංගප්පූරුව පවසනවා. එරට අධ්‍යාපන අමාත්‍ය ලෝරන්ස් වොන්ග් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව එම උපකල්පනයට එළඹුණු බවයි. ඇතැම් විට එම කාලය ඉක්මවා යන බලපෑම් ලෝකයට වසර කිහිපයක් බලපෑ හැකි බවයි සිංගප්පූරු අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. එන්නත් පිළිබද නිශ්චිතව අදහස් පළ කළ නොහැකිවීම හා කොරෝනා විකෘතීන් මෙම අවිනිශ්චිත තත්ත්වයට බලපා තිබෙනවා. යම් හෙයකින් වසංගතය ලෝකය පුරා පැතිරීම වළක්වා ගත්ත ද ප්‍රාදේශීය ,කළාප හෝ මහද්වීප වශයෙන් එය තවදුරටත් ව්‍යාප්ත විය හැකියි. ඒ අනුව එම කලාපවලට හෝ අවම වශයෙන් සාමාන්‍ය තත්ත්වයට ළගාවීම අසීරු වන බවද ඔහු පෙන්වා දෙනවා. ලෝකයේ එක් ස්ථානයක් හෝ එවන් අවදානමකින් යුක්ත වන විට සමස්ථ ලෝකයම අවදනමට පත්වන බවත් මෙමගින් පෙන්වා දී තිබුණා. එබැවින් කොරෝ...