Tag: සිවිල් ආරක්ෂක

නිදහස් දින සමරුවට ආ සිවිල් ආරක්ෂකයකු කොරෝනාවෙන් මරුට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නිදහස් දින සමරුවට ආ සිවිල් ආරක්ෂකයකු කොරෝනාවෙන් මරුට

නිදහස් දින පෙළපාළියේ විශේෂ රාජකාරි සඳහා පැමිණි සිවිල් ආරක්ෂක භටයකු කොරෝනා වැලඳී මරණයට පත්ව තිඛෙනවා. ඒ අයි ඩී එච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මෙය සිවිල් ආරක්ෂක බළකායේ පළමු කොරෝනා මරණයයි. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති පසුව කළ පරීක්ෂණවලදී හෙළිව තිබුණේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි. මේ වන විටත් නිදහස් දින උත්සවයට සහභාගීවූ සිවිල් ආරක්ෂකයන් 50 දෙනකු පමණ කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටිනවා....
නිදහස් දින උත්සවයට ආ සිවිල් ආරක්ෂකයන් 50 කට කොරෝනා
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

නිදහස් දින උත්සවයට ආ සිවිල් ආරක්ෂකයන් 50 කට කොරෝනා

පෙබරවාරි 04 වනදා කොළඹ පැවති නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේ වන විට තහවුරුව තිබෙනවා. එම උත්සවයෙන් පසු එම භට පිරිස් සේරුපිටල ගල්කිරියාගම හා අම්පාර පහළලන්ද කඳවුරුවල නිරෝධායනයට යොමුකර සිටියදීයි ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත්තේ. නිදහස් දින උත්සවයට සහභාගි වූ කතරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. උත්සවයට සහභාගිවීමට පෙර සිදුකළ ඡක්‍ඍ පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ නමුත් උත්සවයෙන් අනතුරුව කතරගමට පැමිණ සිදුකළ පීගසීගආර්ගපරීක්ෂණයෙන් ආසාදිතයකු බව හෙළිව තිබෙනවා....