Tag: සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වෛද්‍යවරුන් සියයකට කොරෝනා ගැන GMOA කතාව වැරදියි / ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

වෛද්‍යවරුන් සියයකට කොරෝනා ගැන GMOA කතාව වැරදියි / ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වෛද්‍යවරුන් සිය දෙනකුට පමණ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කළ ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවදානමක් තිබුණද, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් රෝගීන් දහසක් පමණ වාර්තා වී නොමැති බව ඇය පැවසුවේ. වෛද්‍යවරුන් සුළු පිරිසකට කොවිඩ් 19 ආසාදනය වුවද, එසේ ආසාදනය වී ඇත්තේද රෝහල්වලින් නොව බාහිර සමාජයෙන් බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා....
ඇමති පවිත්‍රා ගැන රාජ්‍ය ඇමතිනිය තැබූ සමාජ මාධ්‍ය සටහන
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇමති පවිත්‍රා ගැන රාජ්‍ය ඇමතිනිය තැබූ සමාජ මාධ්‍ය සටහන

කොවිඩ් වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිඅාරච්චි මහත්මිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමාජ සමා්‍ය ගිණුමට සටහනක් තබා තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ වෛරසය ඕනෑම අයකුට වැළදිය හැකි අතර ආසාදනයවූ අයකු මුල් කර ගනිමින් අපහාසාත්මක ප්‍රචාර පතුරුවා හැරීම මානුෂීය ක්‍රියාවක් නොවන බවයි. මේ එම සටහනයි, ” කොවිඩ් වෛරසය මිහිපිට ජීවත්වන ඕනෑම මනුෂ්‍යයෙකුට වැළදීමට ඉඩ ඇති ගෝලීය වශයෙන් පැතිර යන වසංගත රෝගී තත්වයකි. එය අද මට හෙට ඔබට වැළදීමට ඉඩ ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ට පවා වැළදී ඇති වෛරසය ඉතාම දියුණු යැයි පැවසෙන රටවල ලෝක නායකයින්ටද වැළදී ඇත. එබැවින් කොවිඩ් 19 ආසාදනය වීම ජාති, ආගම්, කුල, දේශපාලන, උස් මිටිකම් භේදයකින් තොරව ඔිනෑම අයෙකුට වැළදිය හැකි රෝගයක් බැවින් එම තත්වය තේරුම්ගෙන ඉන් ආරක්ෂාවීමට කටයුතු කිරීම ඔබ අප සියලුදෙනාගේම වගකීමය. මේ ...