Tag: සෞඛ්‍ය අමාත්‍යාංශය

අවුරුදු සමයේ හොඳට නොහිටියොත් වෙසක් සමය තීරණාත්මකයි / සෞඛ්‍ය අමාත්‍යාංශය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

අවුරුදු සමයේ හොඳට නොහිටියොත් වෙසක් සමය තීරණාත්මකයි / සෞඛ්‍ය අමාත්‍යාංශය

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත් වෙසක් උත්සවයේදී තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. වෙසක් සමයේ දී දන්සල, වෙසක් තොරණ ඉදි කිරීමට අවසර ලබාදීමේ දී දැඩි සෞඛ්‍ය නීති රීති පැනවීමට සිදු වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ජනතාව සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පල කරයි. වෙසක් උත්සවයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම මස අවසානයේ සකස් කරන බව අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා කියා සිටියාය. විදේශීය රටවල පැතිර යන කොවිඩ් ප්‍රභේද වැලඳුණු රෝගීන් කොළඹින් හමුවීම නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද ඇය පෙන්වා දුන්නාය. -උදයජීව ඒකනායක   ...
ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි අතුරු ආබාධ ගැන විමර්ශන ඇරඹෙයි /එන්නත්කරණය අත්හිටුවීමේ තීරණයක් නෑ (Audio)
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි අතුරු ආබාධ ගැන විමර්ශන ඇරඹෙයි /එන්නත්කරණය අත්හිටුවීමේ තීරණයක් නෑ (Audio)

කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් එම අධ්‍යනය සිදුකරන බවයි. කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඇය ප්‍රකාශ කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයන් දෙදෙනකු මිය යාම ද එන්නතට සම්බන්ධ බවට තහවුරු කළ නොහැකි බවයි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ. ...