Tag: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

තවමත් කොරෝනා මරණ භූමදානයට අවසර නෑ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

තවමත් කොරෝනා මරණ භූමදානයට අවසර නෑ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා මරණ භූමදානයට අවසර හිමිවන්නේ අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ , කොරෝනා මරණ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත් , එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බවයි. අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළා. මිය යින ඥාතියකුගේ සිරුරු භූමදානය කර ගැනීමට අත්‍යවශ්‍යම කෙනෙක් වේ නම් , එතෙක් එම සිරුරු අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පැවසුවා....
ජනතාව ආරක්ෂිත උපදෙස් පිළි නොපැද්දොත් දැඩි පියවර / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ජනතාව ආරක්ෂිත උපදෙස් පිළි නොපැද්දොත් දැඩි පියවර / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මහජනතාව නිවැරදිව අනුගමනය නොකළහොත් ඉදිරියේ දි දැඩි තීරණ ගැනීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා. ඔහු කියා සිටියේ ජනතාව ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකරන්නේ නම් ගැටලුකාරී තත්ත්වයන් මතුවි හැකි බවයි. “මිලියන 22ක් ඉන්න මිනිස්සු පස්සෙන් ගිහින් ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සේවකයෝ නැහැ. තමන් මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. මේක පිළිපදින්නේ නැත්නම් අපිට සිද්ධවෙන්වා නීතිරීති දැඩිකරන්න. අපි එතැනට යන්න බලාපොරොත්තුවක් නෑ. අපි මහජනතාව අපහසුතාවයට පත්කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නීති රීති දැඩිලෙස අනුගමනය කරන්න කියලා. නැත්නම් අපිට අකමැත්තෙන් උනත් තීරණ ගන්න වෙනවා.“  ...
තවමත් කොරෝනා සමාජගතවී නැහැ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවමත් කොරෝනා සමාජගතවී නැහැ / සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

තවමත් ශ්‍රී ලංකාව තුල කොරෝනා සමාජගතවීමේ තත්ත්වයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා. කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව විශාල මට්ටමින් වැඩි කර ඇතත්, එම පරීක්ෂණ සංඛ්‍යාවට සමාන්තරව ආසාදිතයන් හමුවීම වර්ධනයවී නොමැති බව ද ඔහු කියා සිටියා. එබැවින් වසංගත රෝග විද්‍යාඥයන්ගේ මතය වන්නේ ශ්‍රී ලංකාව තවමත් ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටමට ළගාවී නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ. කොරෝනා සමාජගතවූ මට්ටමට ළගාවන්නේ නම් ආසාදිතයන් ගණන පී සී ආර් පරීක්ෂණවලට සාපේක්ෂව ඉහළ යා යුතු වුවත් , ලංකාව තුල එවන් තත්ත්වයක් නොමැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ....