Tag: හමුදා

මියන්මාර හමුදාව පළමු බිල්ල ගනී / විරෝධතාවලදී තරුණියක් මරුට
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාර හමුදාව පළමු බිල්ල ගනී / විරෝධතාවලදී තරුණියක් මරුට

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුර පළමු මරණය වාර්තාවී තිබෙනවා. ඒ පසුගිය පෙබරවාරි පළමුවනදා මියන්මාර පොලිසිය විරෝධතාකරුවන්ට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණියක් අද දිනයේ මරණයට පත්වීම සමගයි. 20 හැවිරිදි තරුණියක මෙසේ මරණයට පත්වූයේ ඇයගේ හිසට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව සිටි අතරතුරයි. මෙම මරණය සමග මියන්මාර හමුදාවට එරෙහි විරෝධතා තවත් දැඩි වනු ඇති බවටයි අනතුරු ඇඟවෙන්නේ. විරෝධතාකරුවන්ට විවිධ තර්ජන හා බලපෑම් එල්ල කරමින් පැවැතියද ඒ සඳහා එක්වන ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වන බවයි බී බී සී වාර්තා සදහන් කළේ....
මියන්මාර හමුදා නිෂ්පාදන වර්ජනය කරමින් ජනතාව විරෝධයේ
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාර හමුදා නිෂ්පාදන වර්ජනය කරමින් ජනතාව විරෝධයේ

මියන්මාර ජනතාව එරට නව හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා ආරම්භ කර තිබෙනවා. මියන්මාර හමුදාවට සම්බන්ධ සියළුම නිෂ්පාදන හා සේවා සමග සම්බන්ධ වීමෙන් වැලකී සිටින බවයි ජනතාව පවසන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිම සදහා සිරගත කර සිටින නායකයන් නිදහස් කරන ලෙසත් ජනතාව ඉල්ලීමක් කර ඇති බවයි මියන්මාර් ටයිම්ස් වාර්තා සදහන් කළේ. පාලන බලය අත්කරගනිමින් වසරක හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කිරිමටත් මියන්මාර හමුදා පාලකයන් පියවර ගත්තා. ඒ සමග මියන්මාරය තුල මෙන්ම බාහිර රටවලද ඊට එරෙහිව විරෝධතා ආරම්භ වුණා. බැංකොක් නුවර දී පැවැති එවන් විරෝධතාවයක් පොලිසිය යොදා විසුරුවා හැරීමටයි තායිලන්තය පියවර ගත්තේ....