Tag: හමුදා උමතුව

හමුදා උමතුවට යළි යටවුණු මියන්මාරය
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා උමතුවට යළි යටවුණු මියන්මාරය

මියන්මාරයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකාව වන අවුන් සාන් සූ කී යළිත් වරක් නිවාස අඩස්සියේ පසුවෙයි. ඒ, මියන්මාර හමුදාව, කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසුවය. සූ කී පමණක් නොව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන්, මියන්මාර ජනාධිපතිවරයා, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු 44 දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. මියන්මාරයට හමුදා පාලනය අලු‍ත් දෙයක් නොවෙයි. මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින්, පළමු වරට, ආණ්ඩුවක් පෙරළා බලය අත්පත් කර ගැනීම පළමුවෙන් සිදුවූයේ 1962 වසරේ දීය. තායිලන්තයේ පාකිස්තානයේ සහ අප්‍රිකා රටවල මෙන්ම මියන්මාරයේ අතිශය ප්‍රබල හමුදාව ද එරට දේශපාලනයේ විශාල භූමිකාවක් නිරූපණය කරයි. හමුදාව සෘජුව සිවිල් පාලනයට බලපෑම් එල්ල කරමින් පාලන බලය අත්පත් කර ගැනීමක් සිදු කරයි. ඒ අනුව, පසුගිය පෙබරවාරි පළමු වැනිදා හිරු උදාවත් සමඟ මියන්මාරයේ පැවැති ළදරු...