Tag: හමුදා කුමන්ත්‍රණය

මියන්මාර විරෝධතා උග්‍ර වෙයි / පොලිසියෙන් කාන්තාවකගේ හිසට වෙඩි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාර විරෝධතා උග්‍ර වෙයි / පොලිසියෙන් කාන්තාවකගේ හිසට වෙඩි

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරන විරෝධතාකරුවන්ට එරට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ පොලිසිය විසින් ඇයගේ හිසට වෙඩි තබා ඇති බවයි. විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා අධි පීඩන ජල ප්‍රහාර, රබර් උණ්ඩ යොදා ගනිමින් මියන්මාර පොලිසිය ප්‍රහාර එල්ල කර තිබුණා. විරෝධත සඳහා පොලිසියෙන් එල්ලවූ බාධා මත බොහෝ දෙනකු තුවාල ලබා තිබෙනවා. එරට තුල ඇඳිරි නීතිය පනවා විරෝධතා තහනම් කර තිබුණද හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා අඛන්ඩව ක්‍රියාත්මකයි. හමුදා පාලනය ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන තෙක් විරෝධතා අවසන් නොකරන බවයි මියන්මාර ජනතාව පවසන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවගේ මොළයේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඇයට එල්ලවූ වෙබි ප්‍රහාරය සජීවී පතොරම් වලට සමාන බවත් එම උණ්ඩයක් ඇගේ දකුණු කන හරහා විනිවිද ගොස් ඇ...
හමුදා කුමන්ත්‍රණය සමග මියන්මාරයේ කොරෝනා පරීක්ෂණ නවතී
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා කුමන්ත්‍රණය සමග මියන්මාරයේ කොරෝනා පරීක්ෂණ නවතී

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට කොරෝනා අවදානම බරපතල මට්ටමින් ඉහළ යාමේ තර්ජනයක් මතුව තිබෙනවා. ඒ හමුදා පාලනය ඇරඹීමෙන් පසු එරට දෛනික පී සී ආර් පරීක්ෂණ සියයට 90කින් පහත වැටීම සමගයි. ඒ අනුව දෛනිකව මියන්මාරයේ සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව 1987 ක් දක්වා පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත් හමුදා කුමන්ත්‍රණයට පෙර දෛනිකව පී සී ආර් පරීක්ෂණ 10,000 ක් ඉක්මවා එරට තුල සිදුව තිබුණා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා විරෝධතාවල යෙදීම හා කොරෝනා මර්ධන යාන්ත්‍රණය බැද වැටීම මෙම අවදානම මතුකර තිබෙනවා. පී සී ආර් පරීක්ෂණ අවම කිරීම සමග මියන්මාරයෙන් හමුවන ආසාදිතයන් ගණන 150ක් පමණ දක්වා පහත වැටී අතර එය වඩාත් බරපතල තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එරට තුල ක්‍රියාත්මක විරෝධතා සමග මෙම වසංගතය අවදානම් මට්ටමින් වර්ධනය වීමේ හැකියාව උත්සන්න වී තිබෙනවා....
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර ජනතාව වීථි බසී
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර ජනතාව වීථි බසී

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට ජනතාව වීථි බැස තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ යැන්ගුන් ඇතුළු නගර කිහිපයක දීම එරට හමුදා පාලනයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක බවයි. හමුදා පාලනය පරාජය වී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ජය ගන්නා බවටත් විරෝධතාකරුවන් සටන් පාඨ ප්‍රකාශ කරමින් පවතින බව ද එම වාර්තාවේ සදහන්. විරෝධතාකරුවන්ට සහාය පලකරන එරට ජනතාව ඔවුන්ට ආහාර හා පානවලින් සංග්‍රහ කරන බවද දැක්වෙනවා. එරට තුල අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය සීමා කර ඇති තත්ත්වයක් තුලයි මෙම විරෝධතා උත්සන්නවී ඇත්තේ. ඉද්රි දිනවල දී මෙම විරෝධතා තවත් උත්සන්න විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ. පසුගිය පෙබරවාරි පළමුවනදා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ අතර අවුන්සාන් සුකී ඇතුළු එරට ප්‍රදාන දේශපාලනඥයන් සියල්ල මේ වන විට හමුදාව භාරයේ පසුවනවා....
හමුදා උමතුවට යළි යටවුණු මියන්මාරය
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා උමතුවට යළි යටවුණු මියන්මාරය

මියන්මාරයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකාව වන අවුන් සාන් සූ කී යළිත් වරක් නිවාස අඩස්සියේ පසුවෙයි. ඒ, මියන්මාර හමුදාව, කුමන්ත්‍රණයක් මගින් රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසුවය. සූ කී පමණක් නොව, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායකයන්, මියන්මාර ජනාධිපතිවරයා, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු 44 දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. මියන්මාරයට හමුදා පාලනය අලු‍ත් දෙයක් නොවෙයි. මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින්, පළමු වරට, ආණ්ඩුවක් පෙරළා බලය අත්පත් කර ගැනීම පළමුවෙන් සිදුවූයේ 1962 වසරේ දීය. තායිලන්තයේ පාකිස්තානයේ සහ අප්‍රිකා රටවල මෙන්ම මියන්මාරයේ අතිශය ප්‍රබල හමුදාව ද එරට දේශපාලනයේ විශාල භූමිකාවක් නිරූපණය කරයි. හමුදාව සෘජුව සිවිල් පාලනයට බලපෑම් එල්ල කරමින් පාලන බලය අත්පත් කර ගැනීමක් සිදු කරයි. ඒ අනුව, පසුගිය පෙබරවාරි පළමු වැනිදා හිරු උදාවත් සමඟ මියන්මාරයේ පැවැති ළදරු...
මියන්මාර හමුදාවට එරෙහිව එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විරෝධයේ
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාර හමුදාවට එරෙහිව එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල විරෝධයේ

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පල කරමින් එරට රෝහල් 70 ක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ නීත්‍යානුකුළ රජය යලි පිහිටුවන ලෙස බලකරමිනුයි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය මධ්‍යයේ රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවන්ට එළඹීම බරපතල තත්ත්වයක් බවයි මියන්මාර වාර්තා පවසන්නේ. මේ වන විටත් එරටින් කොරෝනා ආසාදිතයන් 140,000 ක් හා මරණ 3,000 ක් වාර්තාවී තිබෙනවා. දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගණන ද 300 ක් පමණ වන බවයි එම වාර්තා පවසන්නේ.මෙම විරෝධතාවයන්ට මියන්මාරයේ රාජ්‍ය සේවකයන් ද එක්වීමේ අවදානමක් පවතින බවයි ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කළේ. බාහිර බලපෑම් මත ,කොරෝනා වසංගත අවදානමක් පැවතියදී පවා හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරීම දැඩි විරෝධයකට ලක්ව ඇති බව ද එම වාර්තාවල සදහන්. මේ අතර මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට සමාජ මාධ්‍ය තුල ද මෙහෙයුමක් ආරම්භවී තිබෙනවා. මියන්මාර දේශපාලන නායකයන් අත්අඩංගුවෙ...
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි. ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත ක්‍රිස්ටින් මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය දැඩිව හෙලාදකිමින් මෙහිදී අදහස් දක්වා තිබුණා. ඇය පෙන්වා දී ඇත්තේ , මියන්මාරයේ ජනතාව ජන්ද බලයෙන් ලබාදුන් තීරණය අභිබවා යාමට හමුදා පාලනයකට හැකියාව නොමැති බවයි. මේ අතර සිංගප්පූරු සරසවියේ විශේෂඥයකු වන Elliott Prasse-Freeman බී බී සී ය වෙත කියා සිටියේ චීනය වක්‍රාකාරයෙන් මියන්මාරයේ තත්ත්වය පිළිබද ඉඟියක් ලබාදෙන බවයි. චීන මාධ්‍ය විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් ...
අහඹු ලෙස පටිගතවූ මියන්මාර හමුදා කුමන්ත්‍රණය – Video
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

අහඹු ලෙස පටිගතවූ මියන්මාර හමුදා කුමන්ත්‍රණය – Video

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ අවස්ථාවේ දර්ශන කිහිපයක් අහඹු ලෙස පටිගතව තිබෙනවා. ඒ මියන්මාර කාන්තාවක් දිනපතා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යායාම වැඩසටහනක පසුබිමෙන් හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ පළමු කණ්ඩායම එරට පාර්ලිමේන්තු සංකීරණයට ඇතුළුවීම පටිගතව තිබීම හරහායි.  
හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ මොකද වෙන්නේ ?
ලෝකය වටා, වැඩියෙන් නැරඹූ

හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරයේ මොකද වෙන්නේ ?

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය තමභාරයට ගත් බව මියන්මාර හමුදාව අද නිවේදනය කළා. ඒ මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීම තහවුරු කරමිනුයි. අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළා. පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති අතර මියන්මාර හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට රටේ බලය පැවරීමට ක්‍රියා කරන බවයි, මියන්මාරයේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා මෙන්ම ඇතැම් දුරකතන සේවාවන්හි ද අවහිර කර තිබෙනවා. නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අ...