නැගෙනහිර ජැටිය නොදුන්නාට ජපානයත් කණගාටුවෙන් – “ද හින්දු” කියයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 එකඟතාවය කඩ කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් ජපානය ද කනස්සල්ල පළ කර ඇතැයි ද හින්දු පුවත්පත පවසනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෙරට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය පිළිබද සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී සාකච්ජා පැවැත්වූ බව ද මෙම වාර්තාවේ සදහන්.
දකුණු ආසියානු කලාපය තුළ ඉන්දු ජපාන සහයෝගීතාව පෙන්වීම සඳහා නැගෙනහිර පර්යන්තය අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් නමුත් මෙහි වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ චීන යටිතල පහසුකම්වලට පමණක් බවත් ද හින්දු වාර්තාව පවසනවා.
මේ සම්බන්ධයෙන් ජපාන රජය විස්තරාත්මකව සලකා බලන බවයි නවදිල්ලි නුවර ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු හින්දු පුවත්පතට පවසා ඇත්තේ.
2019 එකඟතාවය කඩ කරමින්නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ...