Tag: හිරුණිකා

හිරුණිකාට මහාධිකරණය දුන් වරෙන්තු නියෝගය ආපසු කැඳවයි..
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හිරුණිකාට මහාධිකරණය දුන් වරෙන්තු නියෝගය ආපසු කැඳවයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රමාදයක් හේතුවෙන් අද කොළඹ මහාධිකරණය ඇයට වරෙන්තු නිකුත් කර තිබෙනවා. එහෙත් ඇය මද වේලාවකින් පැමිණි නිසා එම නියෝගය ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කරණු ලැබුවා. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන සිරකර තැබීම සම්බන්ධයෙන් විභාග වන නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළා. එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් වී මද වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණ තිබුණේ, සිය නීතිඥවරිය මාර්ගයෙනුයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මාස එක හමාරක් වයසැති බිළිඳෙකු සිටින තම සේවාදායිකාව අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවයි....