Tag: හිරුණිකා පේමචන්ද්‍ර

විපක්ෂයට එක්වෙනවාද ? විමල්ගෙන් හිරුණිකාට ප්‍රතිචාර
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

විපක්ෂයට එක්වෙනවාද ? විමල්ගෙන් හිරුණිකාට ප්‍රතිචාර

තමා අනාගතයේදී විපක්ෂයට එක්වන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිචාර පළ කර තිඛෙනවා. ඒ සමාජ මාධ්‍ය ගිණුමේ අදහස් දක්වමින්. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත… හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පල කර ඇති බව දුටිමි. ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට සුදානමින් සිටින බවයි. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබුණි. ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරළම පිළිතුර වන්නේ ”එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි”. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය ව...