Tag: හුණුගල් ගුහාව

වවුල්පනේ භූගත හුණුගල් ගුහාවේ අසිරිය විදිමූ
වැඩියෙන් නැරඹූ, සංචාරය

වවුල්පනේ භූගත හුණුගල් ගුහාවේ අසිරිය විදිමූ

අද අපි කතාකරන්න යන්නේ ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් ගැන. එය නමින් වවුල්පනේ භූගත හුණුගල් ගුහාව. මේ ගුහාවට මේ නම ලැබිලා තියෙන්නේ ඈත අතීතයේ සිට ම මෙය වවුල් පාරාදීසයක්ව පැවති නිසාලූ. දැනටත් මෙම ස්ථානය අපේ රටටම ආවේණික වූ වවුලන් වර්ග 7 ක් ඉන්නවාලු. ලක්ෂ 10ක් විතර වවුලන් මේ ගුහාවේ ඉන්නවා. ඔයාලා දන්නවද මෙම හුණුගල් ගුහාව තනි ගුහාවක් නෙමේ. උප ගුහා 10 කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ ගුහා පද්ධතියක් කිව්වොත් නිවැරදී හුණුගල් ගුහා තුළ දක්නට ඇත්තේ අමුතුම චමත්කාරයකි. හැබැයි මේක ඇතුල ඝණ අදුරුයී. ගල් සීලිමෙන් පහළට එල්ලෙන තියුණු තුඩ සහිත වීදුරු බඳු උල් හුණුගල් කුට්ටි මෙහි තියෙනවා.. ගුහාව තුළ වයිවාරන්න හැඩතල ගත් හුණුගලින් සුසැදි රූප දැකගන්න පුලුවන්. ගුහාව තුළට පිටතින් ඇල්ලක් ගලා බසී ඒ ඇල්ලට වවුල්පනේ ඇල්ල කියලලු කියන්නේ. ඇල්ල නිසා ගුහාව තුළ කුඩා විලක් ද නිර්මාණයවී තිබෙනවා.. අඩි 30ක් විතර මේ ඇල...