Tag: හෙද නිලධාරිනිය

හදිසියේ මියගිය ජාතික රෝහලේ හෙදියගේ මරණය ගැන සැකයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හදිසියේ මියගිය ජාතික රෝහලේ හෙදියගේ මරණය ගැන සැකයක්

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් රෝහල් කාමරයක අභිරහස් අන්දමින් පෙරේදා (10) මියයෑම සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අඹන්පොළ බැලූන්ගල පන්සල පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි විවාහක කාන්තාවකි. හෙද නිලධාරිනිය රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවයට පැමිණ එහි කාමරයකට ගොස් බිමවැටී සිටියදී හෙද නිලධාරිනියක දැක පසුව ඇය රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකය වෙත ඇතුල් කළ අවස්ථාවේ මියගොස් තිබේ. ඇය කිසියම් එන්නතක් ශරීරගත කර ගැනීමෙන් මෙය සිදුකර ගන්නට ඇතැයි සැකකරන බව රෝහල් ප‍්‍රකාශිකාවක් පැවසුවාය. මෙයට හේතුවී ඇත්තේ රෝහලේ වෛද්‍යවරයෙකු යැයි කියන පුද්ගලයෙකු සමග පවත්වාගෙන ගිය අනියම් ඇසුරක් යැයි හෙළිවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. මියගිය හෙද නිලධාරිනියට වෛද්‍යවරය යැයි පවසන පුද්ගලයා විසින් එවන ලද වට්ස්ඇප් කෙටි පණිවුඩ කිහිපයක් හෙද නිලධාරිනියගේ සැමියාට දැක ගන්නට ලැබී තිබේ. පසුව ඔව...