Tag: හෙරොයින්

තවත් ලාංකීය ධීවර යාත්‍රාවක් හෙරොයින් සමග ඉන්දීය අත්අඩංගුවට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

තවත් ලාංකීය ධීවර යාත්‍රාවක් හෙරොයින් සමග ඉන්දීය අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දියාවේ කොචී හිදී එරට මත්ද්‍රව්‍යනාශක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 'දුව ශශිලා' නම් මෙම බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙක් ද ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම හෙරෝයින් තොගයේ විදී වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340 ක් ඉක්මවන බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ. ...
කුඩු කිලෝ 128ක් සමඟ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට
ප්‍රධාන පුවත්

කුඩු කිලෝ 128ක් සමඟ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය දහවනදා වත්තල ප්‍රදේශයේ දී මත් කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව දින කිහිපයකදී හෙරොයින් මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම් 128 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් 13 දෙනෙකු ද පොලිස් භාරයට ගැනුනා. පසුගිය 10 වනදා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශය වත්තල ප්‍රදේශයේදී කළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 101 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 113 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව ජා ඇළ ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15 ක් අත්අඩංගුවට ගත්තේ පසුගිය 11 වනදායි. එහිදි සැකකරුවන් හතර දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසුව සපුගස්කන්ද, රත්ගහවත්ත, මාබිම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110 ක් අත්අඩංගුවට ගැණුනා. එහිදි සැකකරුවන් 5 දෙනෙකුද සිය ...
මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වැඩිදුර විමර්ශන / ඉන්දීය මාධ්‍ය
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වැඩිදුර විමර්ශන / ඉන්දීය මාධ්‍ය

අරාබි මුහුදේ ලක්ෂ්ද්වීප් දූපත් කලාපයේ මිනිකෝයි දූපතට ආසන්නයේ දී ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක තිබී හමුවූ මත්ද්‍රව්‍ය හා ආයුධ පිළිබද විමර්ශනයක් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. අරාබි මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකටයුතු විදේශීය බෝට්ටුවක් පිළිබද ලද තොරතුරු මතයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙම වැටලීම සිදුකර තිබුණේ. එහි තිබී රුපියල් කෝටි 3,000 ක් වටිනා හෙරොයින් සහ ඒකේ 47 වර්ගයේ රයිෆල 5ක් ඉන්දියානු අත්අඩංගුවට පත්ව තිබුණා. මාර්තු 18 වන දින මුර සංචාරයකදී සැක සහිත යාත්‍රා 3ක් හඳුනාගත් බවත් ඒවයේ සිටි පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පරස්පර ප්‍රකාශ සිදුවූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. වැඩිදුර ඒකාබද්ධ පරීක්ෂණ සඳහා මෙම බෝට්ටු තුන සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු කේරළයේ විජින්ජම් වෙත රැගෙන ගොස් තිබුණා. මීට පෙර මාර්තු 5 වන දින ලක්ෂ්ද්වීප් මුහුදේ මෙහෙයුමක දී කිලෝග්‍රෑම්...
හෙරොයින් කිලෝ 45ක් අත්අඩංගුවට
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හෙරොයින් කිලෝ 45ක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 45 කට අධික ප්‍රමාණයක් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා වාහනයක් ලෙස හගවමින් ඒ තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.