Tag: හේමන්ත හේරත්

ඇතැමුන් බලපෑම් කර කොරෝනා එන්නත් ගන්නවා /වෛද්‍ය හේමන්ත හේරත් හෙළිකරයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ඇතැමුන් බලපෑම් කර කොරෝනා එන්නත් ගන්නවා /වෛද්‍ය හේමන්ත හේරත් හෙළිකරයි

ඇතැම් පිරිස් විවිධ බලපෑම් කරමින් කොරෝනා එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිය යුතු බවයි. "යම් යම් පුද්ගලයින් විසින් මේ සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු භාවිත කරලා එන්නත් ඉල්ලන තත්ත්වකට පත්වෙලා. එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථානවලට ගිහින් කියනවා අපි සමග එන පුද්ගලයින්ට එන්නත් ලබා දෙන්න කියලා. අපි මේ එන්නත කාටවත් ලබානොදී සිටීමේ බලාපොරොත්තුවක් නෑ. එම නිසා සියලුදෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා." "එන්නත ලබාගැනීමට පෙර තමන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුම්දිය යුතුයි. ගැටලුවක් තියෙනවා නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව හමුවෙලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරන්න අවස්ථාව තියෙ...
ලංකාවේ ආසාදිතයකුගෙන් රෝගය ව්‍යාප්තවීම තවමත් දෙදෙනකුට අඩු මට්ටමේ -Video
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ලංකාවේ ආසාදිතයකුගෙන් රෝගය ව්‍යාප්තවීම තවමත් දෙදෙනකුට අඩු මට්ටමේ -Video

තවමත් මෙරට තුල එක් කොරෝනා ආසාදිතයකුගෙන් ආසාදිතයන් දෙදෙනකුට බෝවන මට්ටමක් කරා වසංගත අවදානම ව්‍යාප්තවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ එක් ආසාදිතයකු මගින් එක් අයකු හා දෙදෙනකු අතර මට්ටමකින් පමණක් රෝගය ව්‍යාප්තවීමේ මට්ටමක් මෙරට තුල පවතින බවයි. ...
සංචාරකයින් හරහා නව කොරෝනා ප්‍රභේද පැමිණීමේ වැඩි ඉඩක් /විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

සංචාරකයින් හරහා නව කොරෝනා ප්‍රභේද පැමිණීමේ වැඩි ඉඩක් /විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමත් සමග ඒ හරහා කොවිඩ් නව ප්‍රභේදයන් මෙරටට පැමිණීමේ වැඩි ඉඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් කාර්යාලයේ ඊයේ (02 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීයි. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එලෙස කොවිඩ් නව ප්‍රභේදයන් මෙරටට පැමිණියද එය ව්‍යාප්ත වීමට ඉඩ නොදී පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංචාරක කර්මාන්තය ආරම්භ කළ පමණින් එහි සම්පූර්ණ වගකීම එම අමාත්‍යාංශය යටතට ගැනීමට නොහැකි බවද වෛද්‍යවරයා අවධාරණය කළා. එම නිසා ලබා දී ඇති මාර්ගෝපදේශයන්වලට යටත් වෙමින් සංචාරක කර්මාන්තයේ වගකිව යුත්තන් කටයුතු කළ යුතු බවත් එලෙස කටයුතු නොකරන සෞඛ්‍ය බලධාරීන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම වැරැදි සහගත බවත් ඔහු පැව...