Tag: හොංකොං

හොංකොං මැතිවරණ ක්‍රමයට නව නීති
ලෝකය වටා

හොංකොං මැතිවරණ ක්‍රමයට නව නීති

හොංකොං හි මැතිවරණ ක්‍රමයට සීමාවන් පැනවීමට චීනය කටයුතු කරමින් පවතින බව නිව් යෝර්ක් පෝස්ට් පුවත්පත පවසනවා. ඒ අනුව ස්වාධීන පාලනයක් බවට පත්වීම සඳහා තැත්කරන විපක්ෂයේ කන්ඩායම් දුර්වල වන නව මැතිවරණ ක්‍රමයක් හොංකොං වෙත හඳුන්වාදීමේ සූදානමක් පවතින බවයි එම වාර්තාව පවසන්නේ. හොංකොං හි ප්‍රධාන විධායිකා කැරී ලැම් පවසන්නේ , දිගින් දිගටම පැවැති රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් මත මෙවන් තත්ත්වයන් නිර්මාණ්‍ය කිරීමට බල කෙරී ඇති බවයි. චීන ප්‍රධාන භූමියට අවනත ස්වයං පාලනයක් ලෙස හොංකොං කලාපය ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද මෙමගින් අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නිව් යෝර්ක් පෝස්ට් පවසන්නේ හොංකොං ජනතාව හා ව්‍යවස්ථාදායකය චීනයට කීකරුව තබා ගැනීමේ අරමුණින් නව නියමයන් පැනවීමට නියමිත බවයි....
හොංකොං හී නව නීතිය දැඩි අර්බුධයක ?
ලෝකය වටා

හොංකොං හී නව නීතිය දැඩි අර්බුධයක ?

ඕනෑම පුද්ගලයකුට නගරයෙන් පිටවීම වැළැක්වීම සඳහා ආගමන විගමන අධ්‍යක්ෂවරයාට බලය ලබා දිය හැකි ආකාරයෙන් ඉදිරිපත්වූ හොංකොං රජයේ නව යෝජනාවක් ගැඹුරින් සලකා බලන බව එරට නීති සම්පාදකයන් පවසනවා. මෙම නීතිය පිළිබඳව අනතුරු අඟවමින් හොංකොං නීතීඥ සංගමය පැවසුවේ මෙමඟින් ඕනෑම පුද්ගලයෙකුට (හොංකොං පදිංචිකරුවෙකුට හෝ නොවන) හොංකොං කලාපයෙන් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ හැකි බවයි. පසුගිය ජුනි මාසයේදී නව ජාතික ආරක්ෂක නීතිය පැනවූ දිනයේ සිට වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් හොංකොං කලාපයෙන් පලා ගොස් තිඛෙනවා. ඒ චීනය විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීම සදහායි. දේශපාලන අර්ුධය මත හොංකොං වැසියන් රට හැර යමින් පවතින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එක්සත් රාජධානිය, කැනඩාව සහ තායිවානය ඇතුළු රටවලට ගමන් කරමින් සිටිනවා. හොංකොං නගර පාලනය විසින් පුද්ගලයකු නගරයෙන් පිටව යාම වැළැක්වීම සඳ...
හොංකො නිදහස් ව්‍යාපාරය නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කරයි
ලෝකය වටා

හොංකො නිදහස් ව්‍යාපාරය නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කරයි

හොංකොං හි නිදහස සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය 2020 වසරේ සාම නොබෙල් ත්‍යාගය සඳහා නම් ලයිස්තුවට එක්කර ඇති බව සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත වාර්තා කරනවා. මෙම පියවර ගෙන ඇත්තේ අදාළ නිදහස් ව්‍යාපාරයට සහභාගී වූ ජනතාවගේ අරගලයට ගරු කිරීම සඳහා බවයි එම වාර්තා පවසන්නේ. චීනය විසින් හොංකොං වෙත පනවා ඇති ජාතික ආරක්ෂක නීතියට එරෙහිව මෙම අරගලය උත්සන්න වූ අතර එහිදී සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට පත්ව තිබුණා. තවත් පිරිසක් මේ වන විටත් හොංකොං කලපයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් වෙනත් රටවල සිට එම අරගලයේ යෙදී සිටිනවා. ඒ අනුව දැවැන්ත බලපෑම් මැද නිදහස් අරගලයක නිරතවීමයි මෙම ව්‍යාපාරය නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කිරීමට බලපා ඇත්තේ. කෙසේ වෙතත් මෙය චීනයේ බරපතල විරෝධයකට ලක්වන බවද එම වාර්තා පෙන්වා දෙනවා....
හොංකොං හා ටිබෙටය සමානයි / හොංකොං ආචාර්යවරයෙක් ලියයි
මතවාද

හොංකොං හා ටිබෙටය සමානයි / හොංකොං ආචාර්යවරයෙක් ලියයි

හොංකොං කලාපය චීනයේ පාලනයට ගෙන ඇති ආකාරය 1959 දී ටිබෙටය යටත් කර ගැනීම් තත්ත්වයට සමාන බව හොංකොං සරසවියේ ආචාර්ය සයිමන් ෂෙන් පවසනවා. හොංකොං හි වර්තමාන ප්‍රතිරාවය ටිබෙටයේ අතීතය නමින් ලිපියක් සපයමින් ඔහු පවසන්නේ විදේශීය බලපෑම් එල්ලවීමේ හැකියාව සමනය කිරීම සඳහා චීනය මෙම පියවරයන් ගත් බව අවස්ථා දෙක තුලදීම පෙන්නුම් කරන බවයි. 1951 දී චීනය ටිබෙට් දේශසීමා නගරයක් වන චැම්ඩෝ අල්ලා ගත් අතර පසුව ආණ්ඩු දෙක අතර කරුණු 17 ක ගිවිසුමක් අත්සන් කළ බවද ඔහු පවසනවා. ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ටිබෙටය පිළිබඳ චීන ස්වෛරීභාවය තහවුරු වූ අතර ටිබෙටයට කලාපීය ස්වයං පාලනයක් ලබාදී තිබුණා. මෙම කලාප දෙක තුළ සමාජවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ද සමාන තත්ත්වයක් බවයි ආචාර්යවරයා පවසන්නේ. කෙසේ වෙතත් තවදුරටත් ටිබෙටයේ මෙන්ම හොංකොං හී ද ජනතාව නිදහස අපේක්ෂාවෙන් අරගලයක නිරත වන බවද ආචාර්යා සදහන් කරනවා. කෙසේ වෙතත් චීනයේ සම්ප්‍රදායික ...