Tag: හෝමාගම

හෝමාගම මංගල උත්සව දෙකකින් ආසාදිතයන් 16 ක්
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

හෝමාගම මංගල උත්සව දෙකකින් ආසාදිතයන් 16 ක්

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පවත්වන ලද විවාහ උත්සව දෙකක මනාල යුවල දෙකක් ඇතුළු 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසනවා. මින් එක් විවාහ මංගල උත්සවයක් දින තුනක් ස්ථාන තුනකදී පවත්වා ඇති අතර එක් අවස්ථාවක් සඳහා අවසර ලබාගෙන නොමැති බවයි හෙළිව ඇත්තේ. එම උත්සව අවස්ථා තුන, කඩුවෙල රණාල ප්‍රදේශයේ නිවසකත් පාදුක්ක මීපේ ප්‍රදේශයේ හෝටලයකත් පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසකත් පවත්වා තිබෙනවා. උත්සව තුනෙන් පසු අදාළ මනාල යුවල නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටියදී ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ පරීක්ෂණයකදී එම දෙදෙනාම කොරෝනා වෛරස ආසාදිතයින් බව තහවුරු වී තිබුණා. මේ හේතුවෙන් අදාළ උත්සව තුනටම සහභාගී වූ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක පිරිසක් නිරෝධායනය සඳහා යොමු කරමින් පවතිනවා. ආසාදිතයන් බවට පත්ව සිටින අනෙක් මනාල යුවල ...