Tag: ෆේස්බුක්

වසරක් තුල ෆේස් බුක් හිංසන 14,000 ක් ගැන පැමිණිලි / වසරකදී 700% ක වර්ධනයක්
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ, විශේෂාංග

වසරක් තුල ෆේස් බුක් හිංසන 14,000 ක් ගැන පැමිණිලි / වසරකදී 700% ක වර්ධනයක්

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් දමන බවට බිය ගන්වා පෙම්වතියගේ පියාගේ ගිණුමෙන් මුදල් ලබාගත් සිදුවීමක් වාර්තා වූයේ මීට දින කීපයකට පෙර ය. කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනුම ලබන මෙම පෙම්වතිය 15 හැවිරිදි සිසුවියකි. ඇගේ පන්තියේ මිතුරියක් මෙම සිසුවියට ෆේස්බුක් ඔස්සේ පෙම්වතකු සොයා දී ඇත්තේ මිතුරියට ද පෙම්වතකු සිටින බව පවසමිනි. පෙම්වතා ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි සිසුවකු බව පෙම්වතියට පවසා තිබේ. ඔවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ ‘චැට්’ කරන අතරවාරයේදී ඇය නොමැති විටෙක දැක බලා ගැනීමට ඇගේ නිරුවත් ඡායාරූප කීපයක් එවන ලෙස පෙම්වතා, පෙම්වතියට දන්වා ඇත. 15 හැවිරිදි පෙම්වතිය එය යවා තිබෙන්නේ පෙම්වතා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමිනි. පෙම්වතිය කෝටිපති ව්‍යාපාරිකයකුගේ දියණියක් බව කතාබහේදී අනාවරණය කරගත් පෙම්වතා, පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් දමන බවට බිය ගන්වා පියාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ඡායාරූපයක් එව...