Tag: AstraZeneca

AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?
වැඩියෙන් නැරඹූ, විශේෂාංග

AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?

AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද? මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක! මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තීකරන පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි. මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ. ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්...