Tag: PCR

ආසාදිතයන් අඩු PCR අඩු නිසා / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

ආසාදිතයන් අඩු PCR අඩු නිසා / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

පසුගිය දින කිහිපයේ දී මෙරට කොරෝනා ආසාදිතයන් අඩු ප්‍රමාණයක් වාර්තා වූයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය ආසන්න දිනවල සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වීම නිසා මෙසේ ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් ද පෙන්නුම් කළ බවයි. ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල මේ දිනවල කොරෝනා එන්නත් කරන කටයුතු කරන කිසා PCR පරීක්ෂණය නවතා දමා තිබීමද මෙයට හේතුවක් බවද ඔහු සදහන් කළා. සිදු කරන ලද පරීක්ෂණවල ද ප්‍රතිඵල ලැබීමේ විශාල ප්‍රමාදයක් ඇති බවද පැවසූ ඔහු ‍ප‍්‍රතිඵල ලැබෙන්නේ ආසන්න වශයෙන් දින 03 සිට 10 දක්වා කාලයක් තුළ සිදුකරන ලද ඒවායේ පරීක්ෂණ ප්‍රතිඵල බවද කියා සිටියා. එය සැලකිය යුතු මට්ටමේ අනතුරුදායක තත්ත්වයක් බවද ඒ මහතා තව දුරටත් සදහන් කළා....
PCR සාම්පල ගොඩගැහිලා / 3 වන රැල්ලක් ගැන රසායනාගාර විද්‍යාඥයන් අනතුරු අඟවයි
අවධානයට, ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, මතවාද, වැඩියෙන් නැරඹූ

PCR සාම්පල ගොඩගැහිලා / 3 වන රැල්ලක් ගැන රසායනාගාර විද්‍යාඥයන් අනතුරු අඟවයි

රජයේ රසයනාගාරවල PCR සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. ඔහු කියා සිටියේ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පමණක් PCR සාම්පල 6000ක් ගොඩගැසී ඇති බවයි. ඊට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 1000ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ 750ක් ආදි වශයෙන් PCR සාම්පල ගොඩගැසී ඇති අතර මෙවන් තත්ත්වයන් හරහා 3 වන කොරෝනා රැල්ලකට අත වනමින් පවතින බවද රවී කුමුදේශ් මහතා පැවසුවා. පරීක්ෂණ කරන එක අත හැරලා ඉන්නේ කාගේ වුවමණාවටද කියලා අපිට හරියටම පැහැදිළි නැති වුණත්, බොහෝ සෞඛ්‍ය බලධාරීන් "වැක්සින් වැකේෂන් එකක" ඉන්න බවනම් පේනවා. රසායනාගාරවල PCR නිදර්ශක ගොඩ ගැහිලා. සෞඛ්‍ය අමාත්‍යාංශය PCR රසායනාගාරවල සැපයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට ඉඩ ඇරලා. අවශ්‍යතා ගැන කතා කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැනක් නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය වග කිව යුතුයි. රසායනාගාර සේව...
පාර්ලිමේන්තුවේ PCR 1400 ක් කරලා
ආසන්න පුවත්, ප්‍රධාන පුවත්, වැඩියෙන් නැරඹූ

පාර්ලිමේන්තුවේ PCR 1400 ක් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 1400කට අධික පිරිසක් පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවනවා. ඔහු නිවේදනයක් නිකුත් කරමින් මෙම තත්ත්වය පැහැදිලි කළා.