BJP පක්ෂය ලංකාවේ ආණ්ඩු හදන කතාව නිවැරදි කරයි

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන කටයුතු අරඹමින් ආණ්ඩු පිහිටුවන බවට පසුගියදා පළවු වාර්තා සම්බන්ධයෙන් ඉන්දියවේ ත්‍රිපුර අධිකරණ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඔහු කියා සිටියේ ත්‍රිපුර මහ ඇමතිවරයා සිදුකළ එම ප්‍රකාශය වැරදි අවබෝධයකින් සිදුකළ එකක් බවයි.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ , භාරතය ජනතා පක්ෂයේ ප්‍රතිපත්තිවලට සමීප රටවල ආණ්ඩු සමග වඩාත් සමීපව කටයුතු කරන බව වුවද මහ ඇමතිවරයා එය දෝෂ සහිතව මාධ්‍ය වෙත පවසා තිබූ බවද මෙහිදී පැහැදිලි කර තිබෙනවා.
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති හා දැක්ම අමෙරිකාව , ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් පිළිගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරනු ඇති බවත් ත්‍රිපුර අධිකරණ අමාත්‍ය රතන් ලාල් නාත් කියා සිටියා.

පුවත යවන්න