BREAKING NEWS: පොලිස් නිලධාරීයෙක් තවත් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු වෙඩි තබා ඝතනය කරයි

තිරුක්කෝවිල් පොලිසිය තුළදී පොලිස් නිලධාරීයෙකු තවත් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ තිරුක්කෝවිල් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් වරයෙක් බවයි පොලිසිය සදහන් කළේ.

ඔහු වෙඩි තැබීමට යොදාගත් බව පැවසෙන ටී 56 ගිණි අවි දෙකක් සහ පතොරම් ගැබ් 19ක් සමග ඇතිමලේ පොලිසියට භාර වී තිඛෙනවා.

කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

ඇතිමලේ පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා.

පුවත යවන්න