මෙරටට ලබාදී ඇති යුරෝපයේ GSP ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
වීඩියෝවක් මගින් අදහස් දක්වමින් ඔහු මහතා කියා සිටියේ මෙම සහනය හරහා බදු අයකිරීමක් නැතිව යුරෝපයට භාණ්ඩ යැවීමට අවසරය මෙරටට හිමිව ඇති බවයි.
කොරෝනා වසංගතය හමුවේ ආර්ථිකය අවදානමකට පත්ව ඇති අවස්ථාවක මෙම සහනය ද අහිමි වීම දැඩි බලපෑමක් කළ හැකි බව රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දෙනවා.
එවන් තත්ත්වයකදී දසදහස් ගණනකින් රැකියා අහිමි වී යනු ඇති බවත් පවසන ඔහු මතුව ඇති තත්ත්වය හමුවේ එම සහනය ආරක්ෂා කර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවද අවධාරණය කළා.