Skip to content
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහනය පොලී අනුපාත පහළ හෙලීමට උපකාර වනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ මහතා කියා සිටින්නේ පොලී අනුපාත පහත හෙළීමට සහ දේශීය පොලී අනුපාත මත පීඩනය තව දුරටත් ලිහිල් කිරීමට එය උපකාරී වනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ මූල්‍ය සහනය තුළින් රජයට දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාව ලිහිල්වනු ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම මෙම මූල්‍ය සහනය ගෙවුම් ශේෂ පියවීම සඳහා පමණක් නොව රජයේ සාමාන්‍ය වියදම් සඳහා ද යොදා ගැනීමට හැකියාව ඇති බවත් මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.
මෙම මූල්‍ය සහනය දේශීය අවශ්‍යතා සඳහා ද යොදාගැනීමට ඔවුන් අවස්ථාව සළසා ඇතැයිද වීරසිංහ මහතා පවසනවා.
දැනට 50% සීමාවේ පවතින උද්දමනය 2023 අවසන් භාගය වන විට තනි ඉලක්කමක් දක්වා අඩු කිරීමට ද හැකියාව ඇති බවයි මහබැංකු අධිපතිවරයා බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ.