IPL වෙන්දේසියේදී වනිදුට ඉන්දී්‍ය රුපියල් කෝටි 10.75ක්

ඉන්දී්‍ය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය තුල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගට ඉහළ වටිනාකමක් හිමිව තිබෙනවා.
ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් කෝටි 10.75කට ඔහු සිය කණ්ඩායමට එක්කර ගෙන තිබුණා.
මේ වන විට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය තුල කෝටි 10ක සීමාව ඉක්මවා ගිය ක්‍රීඩකයන් තිදෙනා අතරටයි ඔහු එක්වී ඇත්තේ.
ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 12.25කට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් හිමිකරගත් අතර හර්ෂල් පටෙල් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් කෝටි 10.75කට සිය කණ්ඩායමට එක්කරගනු ලැබුවා.

පුවත යවන්න