සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ නයිටිට්රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙනුයි.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සි.අලවතුවල, මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
නයිටිටුජන් දියර පොහොර ආනයනය කිරීමේදී විශාල මූල්‍යමය වංචාවක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් සිදුකරන ලෙසත් මෙම පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.
එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නො බලා දඬුවම් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.