පාසල්වල අපොස සාමාන්‍ය පෙළ හා උසස්පෙළ පන්ති කඩිනමින් ආරම්භ කිරීමට ජනපති උපදෙස් ලබාදී තිබෙනවා.
කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
අපොස සාමාන්‍යපෙළ හා උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විටත් ලැබී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කර පාසල් ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
විශ්වවිද්‍යාලවල පළමු වසර සිසුන් සදහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබද කඩිනමින් සොයා බලන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නා.
අන්තර් පළාත් සංචරණ සීමා අනිද්දා අලුයම 4න් අවසන් කිරීමට ද කොවිඩ් කමිටුව තීරණය කළා.
පොදු ස්ථාන වෙළෙදසැල් ආපනශාලා ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති හැකියාව පිළිබද වහාම සොයා බැලීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
එන්නත් ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අවධාරණය කළා.