පී.සී.ආර්. පරික්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් දසදහසකට අධික පිරිසක් ඉන් මුදා හැරීමට නොහැකි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ආසාදිතයකුට නිරාවරණය වුණ පුද්ගලයෙකු දින 10ක් ඇතුළතදී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර එම වාර්තාවන්ට අනුව තවදුරටත් නිරෝධායනයට ලක් කර නිදහස් කළ යුතුද යන්න තීරණය කළ යුතු බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වහාම ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව උපදෙස් මාලාවකින් යුතු චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් නොකළහොත් දැඩි අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇතැයි ඔහු පෙන්වාදේ.
ශ්‍රියානි විජේසිංහ