කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අදාල පුද්ගලයින් වෙත ලබා දීමේ , ප්‍රමාදයක් මතුව ඇති බවට විවිධ පාර්ශව චෝදනා කරනවා.
ඔවුන් සඳහන් කළේ , එමගින් රට තුළ කොවිඩ් ව්‍යාප්ත වී, මරණ සංඛ්‍යාව ඉහළ යෑමේ වැඩි අවධානමක් මතුව ඇති බවයි.
පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව අවමය පැය 24ක් තුළ ප්‍රතිඵල ලබා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව, ඔවුන් ප්‍රකාශ කරනවා.