PCR වලට හසු නොවන කොරෝනා විකෘතියක් ප්‍රංශයෙන් /හඳුනාගත් ආසාදිතයන් 8 දෙනාම මරුට

පී.සී.ආර්. පරීක්ෂණවලට හසුනොවන, බිහිසුණු කොරෝනා වයිරස ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවී ඇති බවත්, එ ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් අට දෙනාම මියගොස් ඇති බවත් ප්‍රංශ සෞඛ්‍ය අංශ බිය පළකර තිබෙනවා.

ප්‍රංශ සෞඛ්‍ය අංශ මෙම නව විකෘති වයිරස ප්‍රභේදය නම් කර ඇත්තේ, ‘ල වෙරියොන් බ්‍රෙටොන්’ යනුවෙනි. ඒ, විකෘති වයිරස ප්‍රභේදය පළමුවෙන් හමුවී ඇත්තේ ප්‍රංශයේ බ්‍රිටැනි පළාතෙන් වීම මතයි.

මෙම විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 8 දෙනා ලැනියොන් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී, මියගිය බව ප්‍රංශ සෞඛ්‍ය අංශ අනාවරණ කළා.

පීසීආර් පරීක්ෂණවලට හසු නොවන මෙම වයිරස විකෘතිය හඳුනා ගැනීම කළ හැක්කේ රුධිර පරීක්ෂණවලින් පමණක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

වයිරස විකෘතිය සම්බන්ධයෙන් දිගටම පර්යේෂණ සිදු කරන බවත්, මෙතෙක් ලැබී ඇති දත්ත සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ බවත් ප්‍රංශ සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා තිබෙනවා.

ප්‍රංශයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ නව ආසාදිතයන් ගණන 4,181,607 ක් වන අතර මරණ 91,679 ක්.

පුවත යවන්න