TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ අවධානය

චීන සමාගමකට අයත් TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ පාලක පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නීති සම්පාදකයින් කණ්ඩායමක් TikTok වැනි සමාජ මාධ්‍ය ජාල තහනම් කරන ලෙස රජයට බලකරමින් යෝජනාවක් සම්මත කිරීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නේ නම් ඒවා තහනම් කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් ද බයිඩ්න් පාලනයෙන් මේවනවිටත් ඉල්ලා ඇත්තේ TikTok යෙදවුම සම්පූර්ණයෙන් තහනම් කරන ලෙසයි.

මේ වනවිට ලොව රටවල් කිහිපයක් TikTok යෙදවුම භාවිතය සදහා සීමා පනවා තිබෙනවා.

පුවත යවන්න