ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් තීරණයකට එළැඹි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.
පාර්ලිමේන්තු සංකීරණයේ අද (13) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹ තිබේ.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී නොවූ බවයි.
පක්ෂ නායක රැස්වීමේදී එළැඹි කාරණා පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසුවේ, උද්ගතව ඇති තත්ත්වයට විසඳුම අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම බව සියලු දෙනා ප්‍රකාශ කළ බවයි.
”ත්‍රිවිද හමුදාපතිවරු පක්ෂ නායකයින්ගෙන් අවසර ඉල්ලුවා යම් හෙයකින් පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල වුණොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපි කිව්වා. ඒ අවසරය අපිට දෙන්න බෑ කියලා. ඒ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.. අපේ දරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපිට අවසර දෙන්න බැහැ කියලා අපි පැහැදිලිව කිව්වා”
කතානායකවරයා, අතුරලියේ රතන හිමි, එම්.ඒ අතාවුල්ලා , රවුෆ් හකීම් ,වාසුදේව නානායක්කාර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානාන්දා, රංජිත් මද්දුම බණ්ඩාර ,ටිරාන් අලස් , මනෝ ගනේෂන් , උදය ගම්මන්පිල,එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගීවී ඇති අතර ඊට අමතරව පොලිස්පතිවරයා සහ ත්‍රිවිද හමුදාපතිවරුන් ද රැස්වීම සඳහා සහභාගී වී ඇත.