ශ්‍රී ලංකාවට යම් ආකාරයක ස්ථාවරත්වයක් අවශ්‍ය නම් නව පාලනයකට මග පාදා ගනිමින් අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
“ඕනෑම ආකාරයකින් මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගෙන් යුත් බහුතරයක් පිහිටුවීමෙන් ආර්ථික අර්බුදය ජයගත හැකි යැයි ඔවුන් උපකල්පනය කරන්නේ නම් ඔවුන් සම්පූර්ණයෙන්ම වැරදියි,”
ඔහු මේ බව කියා සිටියේ අද (13) ‘ජාතිය නිවැරදි මාවතට ගෙන යාම’ ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ හමුවකදී මාධ්‍යවේදීන් අමතමින්.
බැසිල් රාජපක්ෂ තවමත් පරිපාලනය සියතට ගැනීමට උත්සාහ කරන බවත්, රට අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක නව රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ද විරෝධය පළ කරන බවත් මන්ත්‍රීවරයා සදහන් කළා.