පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඡන්ද 109 ක් හිමි වූ අතර රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 78 කි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කතානායකවරයා අද උදෑසන තීරණය කළේ, ඒ සඳහා නම් දෙකක් යෝජනා වීම හමුවේයි.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා වූ නම් දෙක වූයේ, සමගි ජනබලවේගයේ රෝහිණි කවිරත්නගේ නම සහ පොදුජන පෙරමුණේ අජිත් රාජපක්ෂගේ නමයි.
මීට පෙරත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 02ක් යෝජනා වීම හමුවේ ඡන්ද විමසීමක් පැවති අතර ඉන් හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යළි තේරී පත් විය .
අද නැවතත් නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීමට සිදුවූයේ, රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හමුවේයි.