බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනෙක්ව නිදහස් කරන ලෙස අද (02) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් විසින් නියෝග කර තිබෙනවා.
ඒ අතුරින් අයෙක්, එම දේවස්ථානයේ සේවකයෙකු වනවා.
නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව ද සදහන්.
බොරැල්ල, සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී ජනවාරි 11 වනදා අත් බෝම්බයක් සොයාගනු ලැබුවා.
මේ අතර බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන නිරීක්ෂණය කිරිම සඳහා නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා පත්කර තිබෙනවා.
ඉදිරි විමර්ශන සහ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පිළිබඳව කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන් වෙත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.