අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථවලට ඉන්ධන දීමේ විශේෂ වැඩපිළිවෙළක්..

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබාදීමට අද (16)සිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් චන්ද්‍ර මහතා පැවසුවේ, ඒ යටතේ ඒ යටතේ දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබාදෙන බවය.

දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉන්ධන ලබාදිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛනයක් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදෙනු ඇතැයිද ඔහු පැවසුවේ ය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, ඒ යටතේ ඖෂධ, ඉන්ධන, ගෑස්, එළවළු ඇතුළු අත්‍යවශ‍ භාණ්ඩ ප්‍රවාහනයේ යෙදන ලොරි රථ සඳහා ඉන්ධන ලැබෙනු ඇති බවයි.

මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාල ලිපි ලේඛන ප්‍රවාහනයේ යෙදෙන වාහන සඳහා ද නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් මගින් ඉන්ධන ලබාදීමට කටයුතු යොදන බවද ඔහු පැවසුවේ ය.

පුවත යවන්න