මෙරටට ගෙන්වන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් 2300 ක් පමණ කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම බහාලුම්වල සීනි, පරිප්පු හා සහල් අඩංගු බවයි.
ලොකු ළූණු සහ අර්තාපල් වැනි දෑ කඩිනමින් නිදහස් කර ගැනීමට පියවර ගන්නා බව ඔහු සදහන් කළා.
කෙසේ වෙතත් ඩොලර් හිඟය හේතුවෙන් මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදි හැකි ඉක්මණින් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට ප්‍රකාශ කළ බවයි.