අද ආසාදිතයන් 1,217 ක් / ඊයේ කොරෝනා මරණ 25 ක්

අද (16) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,217ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 631,816ක් දක්වා ඉහළ ගියා.
මේ අතර තවත් කොරෝනා මරණ 25ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (15) තහවුරු කර ඇති බවයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,899ක්.

පුවත යවන්න