කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 443 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,329ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 223,606ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,031ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 188,547ක් විය.