තවත් කොරෝනා ආසාදිතයින් 1,156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 613,478 දක්වා ඉහළගොස් තිබුණා.
මේ වනවිට කොරෝනා ආසාදිතව නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද ඉහළගොස් තිබෙනවා.
එම සංඛ්‍යාව ඊයේ සටහන් ව තිබුණේ 18,000 ලෙසට වන අතර මෙම නව ආසාදිතයින් සංඛ්‍යාවත් සමඟ අද එම සංඛ්‍යාව 18,666ක් දක්වා ඉහළගොස් තිබෙනවා.