අද (29) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 380ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,717ක්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 257,208ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,222ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 223,471ක්.