අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 35 ක් සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 30 දෙනෙකු ඒ අතර වනවා. අවුරුදු 30 ත් 59 ත් අතර 4 දෙනෙකු සහ 30 ට අඩු එක් අයෙකු ද මියගොස් තිබෙනවා. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,331 දක්වා ඉහළ ගියා. මේ අතර අද දිනයේත් දිවයින පුරා මධ්‍යස්ථාන 107 කදී එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මකයි.